Friday, September 20, 2024
HomeLocal Newsමාලිමා රජයක් යටතේ ගුරු වෘත්තීයට දෙන තැන!

මාලිමා රජයක් යටතේ ගුරු වෘත්තීයට දෙන තැන!

තම රජයක් යටතේ ගුරු වෘත්තීය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මඩකලපුවේ පැවති ගුරු සමුළුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

උතුර, දකුණ සහ නැගෙනහිර ඇතුලු සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වන බවයි ඒ මහතා එහිදී පෙන්වා දුන්නේ.

එම වෙනස සිදුකිරීමට දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද අපේක්ෂා කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

ජාතික ජන බලවේගය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නොමැති බවද ඔහු අවධාරණය කළා.

දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බවත්, ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments