Friday, September 20, 2024
HomeLocal Newsජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව හූනියම් කළ බවට චෝදනා කරමින් පසුපෙළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරිසර රාජ්‍ය අමාත්‍යවරියක් සහ ඇයගේ සැමියා වන ජනාධිපති කාර්යාලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔවුන් දෙදෙනාට අමතරව තවත් දෙදෙනකු ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙය ආණ්ඩු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවටයි, NDTV පුවත් සේවය වාර්තා ක‌ළේ.

අත්අඩංගුවට ගත් පිරිස දින හතක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

එමෙන් රාජ්‍ය අමාත්‍යවරියගේ තනතුර අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මාලදිවයින් රජය හෝ ජනාධිපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments