Sunday, September 8, 2024
HomeLocal Newsතමන්ටම වෙඩි තියාගෙන උද්දික පුතා නැටූ නාඩගම මෙන්න!

තමන්ටම වෙඩි තියාගෙන උද්දික පුතා නැටූ නාඩගම මෙන්න!

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී ඔහුගේ මෝටර් රථයට ඔහුගේම සූක්ෂම සැලස්මකට අනුව සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේ සහය ඇතිව කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා තොරතුරු තහවුරු කරගෙන ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

පොලීසියට බොරු පැමිණිල්ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ මොහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයිද සඳහන්.

එමෙන්ම ඉදිරි විමර්ශනවලදී හෙලිවන තොරතුරු අනුව අවශ්‍ය වුවහොත් පමණක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසනවා.

උද්දික ප්‍රේමරත්න තමන්ගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැස්වීම මෙම දෙදෙනාගේම සැලැස්මකට අනුව ක්‍රියාත්මක වූවක් බවට රහස් පොලීසිය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාව බලා පලා ගොස් සිටින බවත් ඔහුව ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතිව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගනිමින් සිටින බවත් සඳහන්.

සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණ ඇත්තේ ඔහු පරිහරණය කරන සුදු පැහැති මෝටර් රථයකින් බව මේවනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මොහු කිසිදු උසස් පොලිස් නිලධාරියෙකුට නොදන්වා හොර රහසේ රටින් පිටව ගොස් ඇති අතර ඔහු යනවිට ඔහුට නිකුත් කර තිබූ රාජකාරී පිස්තෝලය වෙනත් අයෙකු මාර්ගයෙන් නාරහෙන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාර දී යාමත් තද බල විනය විරෝදි ක්‍රියාක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම සහකාර පොලිස් අධිකාරීවරයා උද්දික ප්‍රේමරත්නගේ රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුට නිකුත් කර තිබූ රාජකාරි පිස්තොලයද අක්‍රීය වී ඇති අතර එය පොලිස් මධ්‍යම අවි ගබඩාවට භාරදී අලුත් පිස්තෝලයක් ලබා ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසන අතර මෙම ක්‍රියාවද සැකයට තුඩු දෙන සිදුවීමක් බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments