Sunday, September 8, 2024
HomeLocal Newsඋද්දිකගේ නාටකයේ ඒ.එස්.පී ගේන්න උසාවියේ පිහිට පතයි!

උද්දිකගේ නාටකයේ ඒ.එස්.පී ගේන්න උසාවියේ පිහිට පතයි!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර  දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  චෝදනා ලබා  සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා  අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ  එම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කර ඇති බවයි.

මන්ත්‍රීවරයා  සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ (13)  ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය  වෙනත් පුද්ගලයෙකුට ලබාදී ඉකුත් 12 වැනිදා  විදේශගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

උද්දික  ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් 17  වැනිදාය

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments