Monday, September 16, 2024
HomeLocal Newsශ්‍රී ලංකාව ක්‍රිකට් සූදුවේ තිත්පොළක්!

ශ්‍රී ලංකාව ක්‍රිකට් සූදුවේ තිත්පොළක්!

ලෝක ක්‍රිකට් සූදුවේ මුදල් එකතු කරන තිත්පොළක් ලෙස ශ්‍රී ලංකාව පත් වී ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහිමකට ලක් වන බව ද ඔහු අවධාරණය කළා.

“මේ ඔක්කෝටම සල්ලි ලොකුයි. මේ රටේ ක්‍රිකට් හදන්න වුවමනාවක් නැහැ. මේවා සූදුවෙන් එන සල්ලි. 1Xbat කියයි. ඔබතුමන්ලා දන්නවා නේ. බෙටිං 369 කියයි. තවත් ෆෙයාර් ප්ලේ කියයි. මේ ඔක්කෝම මොනවා සූදු. ලෝකයේ ක්‍රිකට් සූදුවේ මුදල් එකතු කරන තිත්පොළක් බවට ලංකාව පත්වෙලා ඉවරයි. මේ තත්ත්වය තුළ රටේ ක්‍රිකට් කඩා වැටීම සිදුවෙනවා. මේකට කණ්ඩායම වගකියන්න අවශ්‍ය නැහැ. දුෂිත පාලකයන් තමා වගකියන්න ඔනේ.”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments