Monday, September 16, 2024
HomeSportsක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කරමින් ගැසට්ටුවක්!

ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කරමින් ගැසට්ටුවක්!

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාල සීමාව අවුරුදු 8කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා අනාවරණ කළේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති මෙම ගැසට්ටුව හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8ක් එම ධූරයේ කටයුතු කර, එම ධූරවලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16ක් විධායක සභිකයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවටද ඔහු අවධාරණය කර සිටියා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments