Thursday, September 19, 2024
HomeLocal Newsඇඹිලිපිටිය වැඩ අරඹයි : පලමු තොගය බංග්ලාදේශයට!

ඇඹිලිපිටිය වැඩ අරඹයි : පලමු තොගය බංග්ලාදේශයට!

දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කර තිබෙනවා.

මෙට්‍රික් ටොන් පනහකින් යුත් එම කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් වනවා.

ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරමභ කෙරුණේ පසුගිය අප්‍රේල් 18වැනිදායි.

ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබු ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රටවලින් කඩදාසි ගෙන්විමට කටයුතු කිරිමෙන් පසු 2003 වසරේදි වසා දමනු ලැබුවා.

කෙසේ වෙතත් පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් k S P A පැකේජිං පුද්ගලික සමාගම විසින් පසුගිය අවුරුද්දේ එය යළි සංවර්ධනය කළ අතර නව යන්ත්‍රසුත්‍ර ආදිය සවිකර මුලින්ම 70පට සහ 150පට ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කළා.

දේශීය ව්‍යාපාරික සහ ව්‍යවසායක අනුරත් අබේරත්න මහතාගේ ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ පුද්ගලික සමාගමක් ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මෙරට අබළි කඩදාසි නිෂ්පාදන මූලද්‍රව්‍ය ලෙස යොදා ගැණුනා.

මේ වනවිට රටවල් දොළහකින් විදේශ ඇනවුම් ලැබී ඇති බවයි ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කාර්මික කඩදාසි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක්.

ඇඹිලිපිටිය කම්හලෙන් මෙටි්‍රක් ටොන් අනූදහසක් නිපදවිය හැකි බවත්, ඉදිරියේදී මෙරට අවශ්‍යතාව සපුරාලීමට කම්හලේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සිය ඉලක්කය බවද නලින් ඇන්තනී මහතා අවධාරණය කර සිටියා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments