Thursday, September 19, 2024
HomeLocal Newsරනිල්ට චන්දේ දෙන්න ජනතාව පොරකනවා...

රනිල්ට චන්දේ දෙන්න ජනතාව පොරකනවා…

මෙරට ඉතිහාසයේ ඓතිහාසික ජනවරමකින් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති කරවීම සඳහා ජනතාව මේ වන විටත් පෙලගැසී සිටින්නේ යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අද වන විට දේශපාලන පක්ෂවලට හසුව සිටි ජනතාව ඉන් ඉවත්වෙමින් සිටින බවත් එනිසා දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ විටින් විට නිර්මාණය කරමින් ජනතාව නොමඟැවීමට උත්සාහ කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

ජනතාව මේ ගැන කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

දුර්වල වී කඩාවැටී සිටින දේශපාලන කණ්ඩායම් නව දේශපාලන සටන් පාඨ සොයා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේ ගාල්ලේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments