Thursday, September 19, 2024
HomeLocal Newsටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා!

ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා!

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු රැහැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.

ටෙලිකොම් ආයතනයේ හලාවත සහ ලුණුවිල යන උපසේවා ස්ථානවල සේවය කරන අවුරුදු තිස්පහ සහ පනස් හය වයසේ පසු වන මෙම සැකකරුවන් කටුනේරිය, මාරවිල, තුඩුවාව, කොස්වත්ත, වෙල්පල්ල, කැලණිය හා කොබෙයිගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

බෝවත්ත ප්‍රදේශයේ නිවෙස්වල දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා ඒ පිළිබඳව කුලියාපිටිය ටෙලිකොම් උප සේවා ස්ථානයට දැන්වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇත.

භූගතව සවිකර ඇති දුරකථන රැහැන් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබූ දුරකථන රැහැන් අස්ථානගත වී ඇති බව අදාළ නිලධාරීන් දැන ගැනීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව පන්නල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ දුරකථන රැහැන් කැබලි කිහිපයක් සොයාගත් බවත් ඒවා ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් මෙම රැහැන් මිලට ගෙන උණුකර තඹ ලබාගන්න දංකොටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ තොරතුරු සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.

වෙළඳසැල් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු වලට අනුව මෙම සොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවස්ථා ගණනකදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති බවත් ඒවා හලාවත ප්‍රදේශයේදී උනුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments