Friday, October 18, 2024
HomeEntertainmentලොව ප්‍රථම AI රූ රැජින තෝරයි!

ලොව ප්‍රථම AI රූ රැජින තෝරයි!

ලොව පළමු වරට කෘතීම බුද්ධි (AI) රූ රැජින තෝරා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් තෝරා ගනු ලබන්නේ ඔවුන්ගේ කෘතීම රුව, නිර්මාපකයන් විසින් යොදාගෙන ඇති උපාංග ආදිය සැලකිල්ලට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය කෘතිම බුද්ධි නිර්මාණ ආර්ථිකයේ ඔස්කාර් සම්මාන හා සමාන බව තරඟය සංවිධානය කරන සම නිර්මාතෘ විල් මැනැනේජ් පවසනවා.

දැනටමත් එයිටානා ලෝපස් වැනි AI මෝස්තර නිරූපිකාවන්ට ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවියේ අනුගාමිකයන් තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටී.

තරඟකරුවන් AI මගින් නිර්මිත කාන්තා ඡායාරූපයක් යැවිය යුතු අතර අසා ඇති ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා දිය යුතුවනවා.

ජයග්‍රාහකයින් මැයි මස 10 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලබන අතර, ඔන්ලයින් සම්මාන උළෙලක් පසුව පැවැත්වීමට නියමිතයි.

පළමු ස්ථානය ලබා ගන්නා ජයග්‍රාහකයාට ඩොලර් 5,000 ක් හිමිවන අතර අනුශූරතාව සහ තෙවැනි ස්ථානය දිනාගන්නා ජයග්‍රාහකයන්ටත් මුදල් ත්‍යාග හිමිවනු ඇති.

විනිශ්චය මණ්ඩලයට රූ රැජින තරග ගැන අත්දැකීම් ඇති, වෙළෙඳ ලොවේ ක්‍රියාකාරී සහ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ විශ්ෂ්ටයන් ඇතුලත් අතර ඇඓ විශේෂඥයන් ද ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments