Thursday, September 19, 2024
HomeLocal Newsරාජිතගෙන් අනුරට ආර්ථික විද්‍යා පාඩමක්!

රාජිතගෙන් අනුරට ආර්ථික විද්‍යා පාඩමක්!

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ක්‍රියාත්මක කරන්නට යන පිරිවැටුමට බදු අය කරන ක්‍රමය අදටත් ක්‍රියාත්මක ක්‍රමය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ රටේ පමණක් නොවෙයි සමස්ත ලෝකයේම පිරිවැටුම මත බදු අය කරන බව කී ඒ මහතා, එසේ නොවන රටක් ලෝකයේ කොහේවත් නැති බවත් කීවේය.

අනුර කුමාර දිසානායකලා ඇවිත් හිතෙන හිතෙන විදිහට ආර්ථිකය හසුරවන්න ගියොත් මේ රටට ආදායම් උත්පාදනය කර දෙන ව්‍යාපාරිකයන්ට රජය දැනට ලබා දෙන බදු සහනත් අවදානමකට වැටෙනවා යැයිද හෙතෙම පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.

මේ රටේ පමණක් නොවෙයි සමස්ත ලෝකයේම පිරිවැටුම මත තමයි බදු අය කරන්නේ. එහෙම නැතිව බදු අය කරන රටක් කොහේවත් නැහැ. අනුර කුමාර දිසානායකට උපදෙස් දෙන ආර්ථික විද්‍යාඥයන් කියන්න ඇති පිරිවැටුම මත බදු අය කළොත් හොඳයි, එහෙම කෙරෙන්නේ නැහැ, අප ඒක පටන් ගමු කියලා. ඒ නිසා එයාලාගේ ආණ්ඩුවක් ආවාම පිරිවැටුම මත බදු අය කරනවා කියලා අනුර කුමාර කියන්න ඇති.

මේ වගේ දැනුමක් තියෙන අය තමයි එයාලගේ ආර්ථික විශේෂඥයන් ලෙස කටයුතු කරන්නේ. දැනටත් බදු අය කරන්නේ මේ පිරිවැටුම අනුවම තමයි.

රටට විශාල විදේශ ආදායම් ලබා දෙන ව්‍යාපාරිකයන්ට මේ වන විට බදු සහන ලැබෙනවා. මේ වන විට වාර්ෂිකව ව්‍යාපාරිකයන්ට කෝටි 6ක පමණ බදු සහනයක් ලැබෙනවා. අනුර කුමාර දිසානායකලා ඇවිත් මේවා එයාලට ඕනේ විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් ව්‍යාපාරිකයන්ට ලබා දී තිබෙන බදු සහනත් අහිමි වීමේ අවදානමක් තිබෙනවා.

මේ ළඟදී මේ අයව හමුවෙන්න පිරිසක් ආවම ඒ අයට කිව්වා. උද්ධමනය අඩු වෙලා නැහැ. උද්ධමනය වැඩි වීමේ වේගය අඩු වෙලා කියලා. මේවා අහන අපි මවිත වෙනවා. බඩු මිල අඩු වීමේ වේගය අඩු වෙන එක තමයි උද්ධමනය කියන්නේ.

මේ හැමදේම අනුර කුමාර දිසානායකලා පටලවගෙන ඉන්නේ. මෙයා කියනවා මහ බැංකුවේ දත්ත විශ්වාස නැහැ කියලා. මේ දත්ත වැරදියිලු. මේවා කියන විට ජනතාවට ඇත්ත කියලා දැනෙන්න කිව්වත් දන්න අය දන්නවා මේ කියන බොරු මොනාද කියලා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments