Sunday, May 19, 2024
HomeLocal Newsඩයනාගේ නඩු තීන්දුවෙන් සජබ මන්ත්‍රීධූර සියල්ල අනතුරේ!

ඩයනාගේ නඩු තීන්දුවෙන් සජබ මන්ත්‍රීධූර සියල්ල අනතුරේ!

රාජ්‍ය ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ඒ ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස සිටි බව තහවුරු වීම හේතුවෙනි. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම තීන්දුවත් සමග සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් ඇති බව නීති විශාරදයින් පවසයි. එයට හේතුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේ ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ උප ලේකම් ලෙස කටයුතු කළ අතර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති එම පක්ෂයේ නිලධාරීන්ගේ ලැයිස්තුවේද ඇයගේ නම එලෙස සඳහන්ව ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියෙක් පක්ෂ නිලධාරී ලැයිස්තුවේ සිටියදී එම පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම පිළිගැනීම නීත්‍යානුකූල නොවන බවත් එසේම පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ බොහෝ නාමයෝජනා පත්‍ර වල පක්ෂ මහ ලේකම් වෙනුවට උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය අත්සන් කර තිබීමත් නීත්‍යානුකූල නොවන බව නීති විශාරදයින් පවසයි.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීමත් සමග සමගි ජන බලවේගය නියෝජනය කරමින් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බව නීති විශාරදයින් පවසයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments