Friday, September 20, 2024
HomeLocal Newsකොළඹ එන්න එපා පොලිසියෙන් විශේෂ නිවේදනයක්!

කොළඹ එන්න එපා පොලිසියෙන් විශේෂ නිවේදනයක්!

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මැයි දිනයට සූදානම්වීම හේතුවෙන් අද (30දා) දිනයේදී කොළඹ නගරයේ ස්ථාන රැසක දැඩි රථ වාහන තදබදයක් පැවතුණි.

හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, මැයි දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබෙනවා.

මේ පිළිබද අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ නාගරික රථවාහන පොලීසියේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසා සිටියේ, මැයි 01 දින පෙරවරු 11න් පසු තමන්ට අත්‍යවශ්‍ය කටයුත්තක් නැත්නම්, කොළඹ මාර්ගයකට ප්‍රවශෙ නොවී සිටීමට ඉතාම සුදුසු දෙයක් බවයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments