Thursday, September 19, 2024
HomeUncategorizedඉරාන ජනාධිපති එද්දී ඇමරිකානු හමුදා යුධ පුහුණුවක!

ඉරාන ජනාධිපති එද්දී ඇමරිකානු හමුදා යුධ පුහුණුවක!

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනාව මතයි.

ඉරාන ජනාධිපති රැගත් විශේෂ ගුවන් යනය මත්තල ගුවන් තොටට ගොඩබා ඇති අතර ඔහු එතැන් සිට උමාඔය දක්වා යාමට නියමිතය.

අනතුරුව මෙරටදි ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිත අතර පස්වරුවේ ඔහු නැවත කටුනායක ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට නියමිතව තිබේ.

මේ අතර ඇමෙරිකානු නාවික හමුදාව හා ශ්‍රී ලංකාව නාවික හමුදා අතර යුධ අභ්‍යාසයක් පැවැත්වෙමින් තිබේ.

සඳුදා දින ආරම්භ කරන ලද මෙම යුද අභ්‍යාසය සිකුරාදා දින තෙක් පැවැත්වෙමින් ඇත.

ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී නැගෙනහිර මුහුදු කලාපයේ යුධ අභ්‍යාසය සිදු කිරීම විශේෂත්වයකි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments