Thursday, September 19, 2024
HomeLocal Newsසුමන්තිරනුත් මාලිමා ජන හමුවට!

සුමන්තිරනුත් මාලිමා ජන හමුවට!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට සිය පක්ෂයෙන් පෞද්ගලිකව ආරාධනයක් නොකළ බවත් ඔහු උත්සවය පැවැති අවස්ථාවේදී ඊට අනාරාධිතව පැමිණි බවත් ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා යාපනයේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂවලට පොදුවේ ආරාධනාවක් කළ නමුත් සුමන්තිරන් මන්ත්‍රිවරයාට පෞද්ගලිකවම ආරාධනා නොකළ බව ද චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා එම ජනහමුවට සහභාගි වීමෙන් පසුව පැමිණි පිරිස පිළිගත් සාමාන්‍ය ක්‍රමයට අනුව ඔහු ද පිළිගත් බව කී හිටපු මන්ත්‍රීවරයා ඔහු එදින ජාතික ජනබලවේග ජනහමුවේ කථිකයකු නොවූ බවද ප්‍රකාශ කළේය.

මේ ජනහමුවට සහභාගි වීමෙන් පසුව දෙමළ ජනමාධ්‍යයට සුමන්තිරන් මන්ත්‍රීවරයා විවිධ ප්‍රකාශ කොට තිබූ නමුත් එම අදහස් හා මතවාද දෙමළ ජාතික සන්ධානය හා ජාතික ජන බලවේගය විසින් සාකච්ඡා කොට ගන්නා ලද තීරණ නොවන බව ද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

දිනසේන රතුගමගේ
– Divaina

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments