Thursday, September 19, 2024
HomeLocal Newsහරිම නැකතට අවුරුදු සමරන්න!

හරිම නැකතට අවුරුදු සමරන්න!

හෙටින් (13) උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානමින් පසුවන මොහොතක් මේ.

ඒ, කවදත් වගේ ආගමික හා සංස්කෘතික වටිනාකම්වලට මුල්තැන ලබාදෙමින්.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියූ සැනින් මතකයට නැඟෙන ”අලුත් අවුරුදු චාරිත්‍ර” පිළිබඳව අන් කවරදාටත් වඩා වැඩියෙන් මේ වසරේදී (2024) කතාබහට ලක්වුණා කිව්වොත් හරි.

ඒ විවිධ වූ වාද විවාද රැසක් මැද.

කෙසේ නමුත් පසුගියදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණේ, රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර සිදුකරන ලෙස.

1993 වසරේ සිට ප්‍රවීණ ජෝතීර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස්වී සම්ප්‍රදානුකූලව සකස් කරන ආකාරයට මෙවර ද (2024) සකසන ලද නැකත් සීට්ටුව අභියෝගයට ලක්වීම පිළිබඳව තොරතුරු ද එම නිවේදනයේ සඳහන් කර තිබුණා.

ඒ අනුව හෙට (13) පස්වරු 2.41 සිට අනිද්දා (14) අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට අපරභාග 9.05ට යි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නිර්දේශය පරිදි නිකුත් කළ රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් සීට්ටුව පහතින්…..

Monara
Monara

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments