Saturday, July 27, 2024
HomeMusicකණා මුට්ටිය බිදීම, අන්දයාට කිරි කැවීම ආබාධිතයන්ගේ ගරුත්වය කෙලෙසනවා.. නම් වෙනස් කරනු…

කණා මුට්ටිය බිදීම, අන්දයාට කිරි කැවීම ආබාධිතයන්ගේ ගරුත්වය කෙලෙසනවා.. නම් වෙනස් කරනු…

අභිමානවත් පුරවැසියන් ලෙස තම ආබාධ සහිත ජීවිතය ගොඩ නඟමින් සමාජයටද වැඩදායී ලෙස ජීවත් වන අබාධිත ප්‍රජාවට ගෞරවයක් ලෙස අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් කිරීමට පියවර ගත් බව ආබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

කණා මුට්ටිය බිදීම සහ අන්දයාට කිරි කැවීම යන අවුරුදු ක්‍රීඩාවන් දෙක මෙරට ලක්ෂ 17කට අධික ආබාධිත ප්‍රජාවගේ  ආත්ම ගරුත්වය කෙලෙසමින් ක්‍රියාත්මක වන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව වල ක්‍රියාත්මක වන ක්‍රීඩාවන් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

කණා මුට්ටිය බිදීම, අන්දයාට කිරි කැවීම යන ක්‍රීඩාවන් දෙක වාසනා මුට්ටිය බිදීම හා සගයාට කිරි කැවීම ලෙස වෙනස් කරමින් භාවිතා කිරීමට අපගේ පාර්ලිමේන්තු සංසදය තීරණය කළා. ඒ බව මේ රටේ කෘතවේදී මහ ජනතාවට ගෞරවයෙන් දැනුම් දෙන අතර ඒ භාවිතයට සංවේදී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම තීරණය ඵලදායි ලෙස යොදා ගනිමින් ඔබ විසින් සංවිධානය කරන අලුත් අවුරුදු ක්‍රීඩා වලදී පැරණි අපහාසාත්මක නම් වෙනුවට මෙම නම් භාවිතා කරන ලෙස ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ද ගෞරව පෙරදැරිව වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

කණා මුට්ටිය බිදීම සහ අන්දයාට කිරි කැවීම ආදී ක්‍රීඩා වලට මේ නම් සංස්කෘතික උපහාසයෙන් පෝෂණය කළ ඒවායි. අපේ අලුත් අවුරුදු ක්‍රීඩාවන්හි නම් කිහිපයක් මා මූලිකත්වය දරන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් වෙනස් කිරීමට කටයුතු කළා. ආබාධ සහිත සොහොයුරු ප්‍රජාවට සංවේදී ආයතන වලින් දිගින් දිගටම යොමු වූ ඉල්ලීම් සලකා බලමින් මෙම පියවර ගත්තා. මෙවර අලුත් අවුරුද්දේ සිට ක්‍රීඩා නාම වෙනස් කිරීමට ගත් තීරණය ජීවිත සටනේ නොයෙක් එදිනෙදා අභියෝග වලට මුහුණ දෙන ආබාධිත ප්‍රජාවට යම් හෝ සහනයක් ගෙන එනු නොඅනුමානයි.

මේ සඳහා මුලිකව කටයුතු කල ආබාධිත ප්‍රජාවට සංවේදී සංවිධාන වලටත් විදුර වික්‍රමනායක සංස්කෘතික අමාත්‍යවරයාටත් ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments