විධායක බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජනතා විශ්වාසය නොමැතිව කිසිවකුට රටක් පාලනය කළ නොහැකි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
69 ලක්ෂයක ඡන්දයෙන් ජනාධිපතිවරයා වී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිත අසීමිත බලයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට පාලනය කළේ වසර දෙකහමාරක් පමණක් වීම ඊට හොඳම උදාහරණය යැයිද හෙතෙම කීය.
ජාතික ජන බලවේගයේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා වැල්ලවාය පැවැති ජනරැලි අමතමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.