Friday, November 15, 2024
HomeLocal NewsVitz කාර් එකක් ලක්ෂ 12කට දෙන මාලිමා ආන්ඩුව!

Vitz කාර් එකක් ලක්ෂ 12කට දෙන මාලිමා ආන්ඩුව!

විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා පවසනවා.

අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ‍ටැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු පවසයි.

ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

නමුත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ඔහු පවසනවා.

ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු චෝදනා කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බවත් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මැතිවරණ ජන හමුවක් අමතමිනි.

අපි ලංකාවේ හැම ගෙදරකටම වාහනයක් ගන්න පුළුවන් ආර්ථිකයක්  හදනවා - නලින්
https://youtube.com/watch?v=o20Z8pWHnOI%3Fenablejsapi%3D1%26amp%3D1%26playsinline%3D1

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments