අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මෙරට සංස්කෘතිය වෙනස් කිරීමේ අයිතියක් නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.
වෙනස් කරන්නේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම වෙනස් කළ හැකි බවද පැවසූ ඔහු මෙරට ජනතාව සංස්කරණය කිරීමට ජනාධිපතිට නොහැකි බවද කියා සිටියේය.
ජනතාවට වුණු පොරොන්දු ඉටුකරන ලෙසත් එසේ නොවන්නේ නම් වසර පහ යන්න පෙර ආණ්ඩුව මඟ පෙරළා දමා නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කරන බවත් ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.