Tuesday, October 22, 2024
HomeLocal Newsසුවසැරියට අලුත් ගිලන් රථ 50 ක්!

සුවසැරියට අලුත් ගිලන් රථ 50 ක්!

මෙරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා තීරණය කර ඇත. ඒ බව ඔහු විසින් මෙරට සුවසැරිය නිර්මාතෘ හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබේ.

දැනට සුවසැරිය සේවාව සතුව ගිලන් රථ 297 ක් තිබේ. ඒවා මගින් දිනකට හදිසි රෝගීන් 1050 කට පමණ සේවාව සැපයිය හැකිය. ඉතාමත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන සුවසැරියට දිනකට මිනිස් ජීවිත 50 ක් පමණ ජීවිත අනතුරුවලින් බේරාගත හැකි වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සුවසැරිය සඳහා මූලික වශයෙන් ටාටා සමාගම මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් ලබා දුන්නේය. එමගින් අදාළ ගිලන් රථ මිල දී ගැනුණි.

මෙම සේවාව දීපව්‍යාප්තව පවත්වාගෙන යාම සඳහා වසරකට රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් දරනු ලැබේ.

පසුගියදා සුවසැරිය සේවාව අධ්‍යයනය කළ ලෝක බැංකු නිලධරයන් ප්‍රශංසාත්මකව ප්‍රකාශ කළේ ලොව දැනට ක්‍රියාත්මක තාක්ෂණයෙන් ඉහළ වේගවත්ම ගිලන් රථ සේවාවන්ගෙන් එකක් ලෙස සුවසැරිය හඳුන්වා දිය හැකි බවය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments