Tuesday, October 22, 2024
HomeLocal Newsසතුන් වෙනුවෙන් කැපවුණු ජැකලීන්ට ලැබුණු ඇගයීම!

සතුන් වෙනුවෙන් කැපවුණු ජැකලීන්ට ලැබුණු ඇගයීම!

People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් ලාංකීය සම්භවයක් ඇති ඉන්දීය නිළි ජැකලින් ෆර්නැන්ඩස් ‘වඩාත් රූමත් නිර්මාංශමය කීර්තිමත් පුද්ගලයා’ ලෙස නම් කර තිබෙනවා.

කලක් තිස්සේ ඇය සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් නිර්මාංශ ජීවන රටාවකට අනුගතව කටයුතු කිරීම මෙම ඇගයීමට හේතුව ඇති බව සඳහන්.

ඇය එම ඇගයීම පිළිබඳව සිය කෘතඥතාව පළ කර තිබුණේ,

“මෙම ගෞරවය ලැබීම ගැන මම සතුටු වෙනවා. නිර්මාංශිකයෙකු වීම පෞද්ගලික සෞඛ්‍යයට පමණක් නොවේ, එය අපේ ලෝකයට සහ එහි වැසියන්ට ධනාත්මක බලපෑමක් ඇති කරයි..” යනුවෙන් සඳහන් කරමිනි.

ෆර්නැන්ඩස් ඇයගේ නිර්මාංශ ජීවන රටාව සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රවර්ධනය කරයි. ඒ, ශාක පදනම් වූ ඉහළ පෝෂණය අගයන් පිළිබඳව ද දැනුවත් කරමින් වීම විශේෂය.

එමෙන්ම ඇය සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ද ක්‍රියාකාරීව පෙනී සිටින තාරකාවකි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments