Friday, November 22, 2024
HomeLocal Newsඇති තරම් අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරන්නැයි ජනපති දන්වයි!

ඇති තරම් අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරන්නැයි ජනපති දන්වයි!

රටතුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් මේවන විට නොමැති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙයි.

ඇතැම් රටවල මේවන විට පවතින යුධ ගැටුම් අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනය කිරීමට බාධාවක් වී නොමැති බව එම සංගමය පවසයි.

ඉදිරි උස්සව සමයේදී හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

උත්සව සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී එම සංගමයේ නියෝජිතයින්ට දැනුම්දී තිබෙ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments