Thursday, September 19, 2024
HomeLocal Newsරනිල්ගේ කැම්පේන් කොට උඩ යන හැඩ!

රනිල්ගේ කැම්පේන් කොට උඩ යන හැඩ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් තුළ මේ වන විට ප‍්‍රතිවිරෝධතා උත්සන්න වී ඇතැයි වාර්තා වෙයි.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරක වැඩ කටයුතු වලට අවශ්‍ය මුදල් සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වයයි.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කණ්ඩායමේ මැති ඇමතින් වෙත මුලබා දීමට මැලි කමක් දක්වන බව පැවසෙන අතර ඊට හේතුව වී ඇත්තේ ඔවුන් මුදල් ගෙන නැවතත් පොදු ජන පෙරමුණ හා එක්වෙතැයි සැකයයි.

එම තත්ත්වය මත තම පුද්ගලික ධනය ජනාධිපතිවරණය වෙනුවෙන් වියදම් කිරීම සඳහා එම කණ්ඩායම දැඩි මැලිකමක් දක්වති.

ප‍්‍රචාරක වැඩකටයුතු සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන කිහිපදෙනෙකු ඔවුන්ගේ මනාපය අනුව මුදල් වියදම් කිරීමද මෙම කණ්ඩායමේ නොසතුටට හේතුවක්ව තිබේ.

මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය සැලකිය යුතු මට්ටමින් අඩාල වනු ඇති බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments