Thursday, September 19, 2024
HomeLocal Newsවිජේදාස අතහැර මෛත්‍රී වෙනතක යයි!

විජේදාස අතහැර මෛත්‍රී වෙනතක යයි!

විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට සහාය පළකිරීමෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ වෙහෙයුම් කාර්යාලය පැවැති මාධ්‍ය හමුවටද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලෙන් කිසිවෙකු සහභාගි වී නැත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා තම කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමටද නියමිතව තිබේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බවත් තම ජීවිත කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිදු දේශපාලන පක්ෂයකට කිසිසේත් සම්බන්ධ නොවන බවත් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments