Thursday, September 19, 2024
HomeLocal Newsරට හදන්න පුලුවන් අපිට විතරයි!

රට හදන්න පුලුවන් අපිට විතරයි!

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර රට හිනස්සවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති මහතා පැවසිය.

සුනිල් හදුන්නෙන්ති මහතා ඒ බැව් කියා සිටියේ ජාතික ජන ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන බැංකු මූල්‍ය සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව හිටපු පා.ම කෝප් කමිටුවේ හිටපු සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගරයේ පෞද්ගලික හෝටලයකදී පැවැති අවස්තාවේදිය.

මෙම වැඩසටහන ජාතික ජනබල වේගය රජයක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත මූල්‍යමය කළමනාකරණ කටයුතු පිළිබඳව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රවල නියැලී සිටින නිලධාරී දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

මෙහිදි අදහස් දැක් වු හිටපු පා.ම කෝප් කමිටුවේ හිටපු සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ අද හොරු සෙට් එක දෙකට බෙදිලා එදා ඉදන් කරපු හොරකම් මැරකම් ඔක්කොම වමාරනවා හෙට අනිද්දා සහරාන්ට බෝම්බ ගහන්න කිව්වේ කවුද බෝම්බ හදලා දුන්නේ කවුද කියන එක වමාරයි සෙට් එකම,

ජනතාවට අවශ්‍ය දේ ජනතාව නිවරදිව තේරුම් ගත්තොත් හොරකමින් වංචාවෙන්, මනුෂ ඝාතන වලින් තොර නායකයයෙක් වන අනුර කුමාර දිසානායක නිසක වශයෙන්ම ජය ලබා ගන්නවා,

අද අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එයාලගේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරලා රට්ටු හිනස්සන කතාවක් කියනවා, ඒ තමයි අරගලෙන් ඉල්ලුවේ තරුණයෙක් ඔන්න අපි තරුණයෙක් දුන්නා එයාව ජනාධිපති කරගන්න කියලා ,

එදා අරගලය කරපු දේශ හිතෛෂී ප්‍රජාව කිව්වේ ගෝඨාභූ හෝ රාජපක්ෂ බෝ හෝම් කියලා , එතන කොතනකදිවත් කිව්වෙ නෑ නාමල් කම් කම් කියලා ,

ධම්මික පෙරේරට ඡන්ද ඉල්ලන්න කියලා එයා බෑ කිව්වහම මේ සුරංගනා කතා කියලා කැටයම් දාලා නාමල්ව පුප්පන්න හදනවා , ඒකම ධම්මික පෙරේරා ඉල්ලන්න කැමති වෙලා තිබ්බනම් කියන්නේ වෙනම කතාවක් ,

එදා රනිල් වික්‍රමසිංහ මහ බැංකු හොරා කියපු අයම අද රනිල් වික්‍රමසිංහ ලග නිදි , එදා මම බැංකු හොරා කියපු අය ඒ කටවල් වලින්ම පහුගිය කාලේ කැටයම් දාලා රනිල් වික්‍රමසිංහව වීරයෙක් කලා ,

ඒ හැමදේම එහෙම උනාට අද වෙනකොට රටේ බහුතර රෝග වලට රිද්ධික නෑ , පිළිකා වලට සුව කරන්න පුළුවන් බෙහෙත් කිසිවක් රටේ නෑ , ඒ විතරක් නෙමෙයි තුවාල තියෙන වතුකම්කරුවන්ට බෙහෙත් දාන්න වෙලා තියෙන්නේ රෝගියා විසින්ම පාස්ටර් ගෙනත් දුන්නනම් විතරයි,

මෙහෙම යථාර්ථයක් තියෙන රටක ආණ්ඩුවේ අර්බුද ජනතාවට පටවලා ජනතාවගේ අර්බුදය මායිමට ගන්නැතුව ආර්ථික අර්බුදය වහන්න හදන රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කරෝතින් අපිට මීට වඩා ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ,

මැයි පළවෙනිදා කියනවා කම්කරුවන්ගේ පඩි වැඩි කරනවා කියලා අද කියනවා එහෙම එකක් කිව්වේ නෑ කියලා ,

දෙන්නං කියද්දිත් අහිංසක මිනිස්සු අත්පොඩි ගහන්න ඕන බෑ කියද්දිත් අත්පොඩි ගහන්න ඕන මේක තමා රටේ මිනිස්සුන්ගේ ඉරණම,

එදා කිව්වා හොරු සෙට් එක එකට ඉන්නකොට අපි කවුරුත් අරගලේට ගැහුවේ නෑ කියලා, ඒත් අද කියනවා ගහන්න කිව්වේ කවුද පොලු ගෙනිච්චේ කොහොමද ගැහුවේ කොහොමද කියලා ,

ඒ වගේම හෙට අනිද්දා කියයි සහරාන්ට බොම්බ ගන්න කිව්වේ කවුද බෝම්බේ හදලා කවුද කියලත් , හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්ගෙ පුත්තු අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා ,

එයාලගේ අප්පච්චිලා රට කාට හැටි මහජනතාවට තවමත් මතකයි , ආර්ථිකය හදන එකම ප්‍රතිපත්තිය හා ප්‍රායෝගික ක්‍රියාදාමය හිමි ජාතික ජන පලවේගයට පමණයි රටේ ආර්ථික ඉපදවන්න පුළුවන් වෙන්නේ ,

මේ යථාර්ථය මහජනතාව තේරුම් ගෙන අවසන් බැවින් අපිට විශ්වාසයි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව,

ඒ ජයග්‍රහණය ලංකාවේ වාර්තාගත ජයග්‍රහණයක් වන බව නොඅනුමාන යනුවෙන් එතම පැවසීය.

මෙම වැඩසටහන සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී.දයාරත්න , ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කැඳවුම්කරු සමීර අල්විස් ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මූල්‍යා ආයතන නියෝජනය කරන කළමණාකාරිත්වය ඇතුළු ශ්‍රේෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

– රංජිත් රාජපක්ෂ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments