Wednesday, November 27, 2024
HomeLocal Newsධම්මික පෙරේරා බෑ කියයි!

ධම්මික පෙරේරා බෑ කියයි!

රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස වැදීමට තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සදහන් කරයි.


තම පෞද්ගලික හේතුවක් මත මෙම පියවර ගන්නා බව ඔහු පක්ෂය වෙත දැනුම් දී ඇත.


ඒ හේතුවෙන් හෙට දිනයේ නම් කිරීමට නියම කර ඇති ජනාධිපති අපේක්ෂකයා සොයා ගැනීමේ දැඩි අර්බුදයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇත.


අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටද ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමන් ලැබී ඇතත් අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.


මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමට තීන්දු වී ඇත.


පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද මේ බව සනාථ කර ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments