Friday, September 20, 2024
HomeLocal Newsචන්ද ලක්ෂ 40ක කැමැත්ත රාජ්‍ය බුද්ධි සේවය හෙලි කරයි!

චන්ද ලක්ෂ 40ක කැමැත්ත රාජ්‍ය බුද්ධි සේවය හෙලි කරයි!

රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන විට ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නැති බවයි.

බුද්ධි අංශ විසින් පසුගිය දින කිහිපයේ ඉතා සියුම් ලෙස සිදු කරන ලද සමීක්ෂණවලදී මෙම කරුණු හෙළි වී තිබේ.

බොහෝ පිරිස් ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා අවසාන සති කීපයේදී තෝරාගනු ඇති බවද එහිදී හෙළි වී තිබේ.

අපේක්‍ෂකයන්ගේ ජනප්‍රියත්වය, ඔවුනට රට ගොඩනැගීමට ඇති වැඩපිලිවෙල, රටේ පවතින දේශපාලන තත්ත්වය ආදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස තම අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානමින් සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් තම මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමටද නියමිතව ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments