Thursday, September 19, 2024
HomeLocal Newsඅපේ කෙල්ලෝ ආසියාවේම ශූරියෝ!

අපේ කෙල්ලෝ ආසියාවේම ශූරියෝ!

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරටය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය.

ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments