Sunday, September 8, 2024
HomeUncategorizedකරාඹු ගලවලා කොන්ඩා කැපුවද?

කරාඹු ගලවලා කොන්ඩා කැපුවද?

තමන් අතරමැදි පුහුණුකරු ලෙසින් කටයුතු කළත්, තමන් ඉන්න වෙලාවේ ක්‍රීඩකයන්ගේ විනය තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පැවසීය.

ක්‍රිකට් ආයතනයේ අද (24දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර සිටියා.

මෙහිදී ජයසූරිය මහතාගෙන් විමසා සිටියේ, ඔබ පුහුණුකරු වූ පසු ක්‍රීඩකයන්ගේ කොන්ඩ කපලා කරාබු ගැලෙව්වා කියලා කථාවක් තියෙනවා, ඊළඟට පච්චත් මකන්න අදහසක් තියෙනවාද…? යනුවෙන්.

ඊට වැඩිදුරටත් පිළිතුරු දුන් සනත් ජයසූරිය මහතා,

“අපි සාමාන්‍ය දේවල් තමයි කරන්නේ. ඔය කියන තරම් දේවල් නෙමෙයි. මූලික විනය විතරයි බලන්නේ.

මම අතරමැදි පුහුණුකරු කෙනෙක්. ඉන්නේ තරගාවලි දෙකකටයි. නමුත් ඒ ඉන්න වෙලාවේ විනය තියෙන්න ඔ්න.

ක්‍රිකට් කියන්නේ ජනතාවගේ ආදරණීය ක්‍රීඩාව. අපිට, මේ ක්‍රීඩකයින්ට ඔවුන් ගොඩක් ආදරේ කරනවා.

ඒ අය බලන් ඉන්නවා. විශේෂයෙන් පොඩි ක්‍රීඩකයෝ ලොකු අය දිහා බලාගෙන ඉන්නවා.

ඒ අය කරන දේවල් ඉගෙන ගන්න කැමතියි. ඒ නිසා හොඳ දේවල් කළොත්, හැඳීගෙන එන පොඩි අයට ඒක ගොඩක් හොඳ වෙයි.

ඒ පැත්තෙන් බලලා තමයි පොඩි පොඩි වෙනස්කම් කරන්නේ” යනුවෙන් පවසා සිටියා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments