Sunday, September 8, 2024
HomeUncategorizedට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් නැවත බලයට පත්වීමට තරම් සුදුස්සකු නොවන බව ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ සගයන් මෙන්ම ආධාරකරුවන්ද මේ වනවිට දැඩි මත පළ කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සටනකට බයිඩන් ප්‍රබල නැති බව ඒ පක්ෂයේ අඩකට වැඩි පිරිසක් පසුගිය සතිය වන විට ප්‍රසිද්ධියේම කියා තිබුණි. 

ඒ අනුව වර්මොන්ට් හි සෙනෙට් සභික පීටර් වෙල්ච් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙතින් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටි පළමු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයා බවට පත් විය. කොලරාඩෝ සෙනෙට් සභික මයිකල් බෙනට් ‘බයිඩන්ට නැවත තේරී පත්වීමට හැකියාවක් ඇතැයි තමා විශ්වාස නොකරන බව’ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පළමු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයා බවට පත් වූයේය. 
“ට්‍රම්ප් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයකි. ඔහුට එරෙහිව ප්‍රබලම අපේක්ෂකයා ඉදිරිපත් කිරීම අපගේ යුතුකමයි”. “ජෝ බයිඩන් දේශප්‍රේමියකු බව සැබෑ නමුත් තවදුරටත් ට්‍රම්ප් පරාජය කිරීමට සුදුසු හොඳම අපේක්ෂකයා නොවේ.” යැයි, ඩිමොක්‍රටික් නිව්‌ යෝර්ක් නියෝජිත පැට් රයන් ඔහුගේ අදහස් 

නිව් යෝර්ක් ටයිම්ස් හි පළ කර තිබූ අතර පසුව X සමාජ මාධ්‍යයට ලියා තිබුණි.

මේ සියලු විරෝධතා තදින් ඇරුඹුණේ බයිඩන් සහ ට්‍රම්ප් අතර පසුගිය මස අග පැවැති ප්‍රසිද්ධ විවාදයේදී ඔහු පෙන්වූ දුර්වලතා හේතුවෙනි. 

දැන් පාක්ෂිකයන් බොහෝ දෙනාගේ තීරණය වී ඇත්තේ 47 වැනි ජනාධිපති ධුරයට ට්‍රම්ප් හා තරග වැදීමට වඩාත්ම සුදුස්සා උප ජනාධිපතිනි කමලා හැරිස් බවය. මේ අතර තවත් නම් කිහිපයක්ද එළියට විත් තිබේ.
දෙවරක් මිචිගන් ආණ්ඩුකාරවරිය වූ Michigan Whitmer මේ අතර ප්‍රධානය. ඇය 2028 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීමට සුදුසු බව පක්ෂය තුළ දැනටමත් තහවුරු වී ඇති මතයයි.

කැලිෆෝනියා ආණ්ඩුකාර ගාවින් නිව්සම් තවත් නමකි. ඔහු සැමවිටම බයිඩෙන් ආරක්ෂා කරමින් විරුද්ධ මතධාරී මාධ්‍ය තුළ පවා සිය පක්ෂ මතය හුවා දැක්වීමට සමත් වූ සහ ඒ නිසාම 2028 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීමට සුදුසු බව පක්ෂය තුළ දැනටමත් තහවුරු වී ඇති නමකි.

පෙන්සිල්විනියා ආණ්ඩුකාර ජොෂ් ෂාපිරෝ, ප්‍රවාහන ලේකම් පීට් බටිගෙයිග්, ඉලිනොයිස් ආණ්ඩුකාර ජේ.බී. ප්‍රිට්ෂ්කර්, ඇතුළු නම් ගණනාවක්ම මේ වන විට ඉදිරිපත්ව තිබේ. 

මේ අතර රොයිටර් IPSOS සමීක්ෂණ වාර්තාව අඟහරුවාදා නිකුත් වූ අතර එය පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ට එරෙහිව ඇති හොඳම සහ එකම තුරුම්පුව මිෂෙල් ඔබාමා බවය. එසේ වුවද හිටපු ජනාධිපති ආර්යාව තමන් සතුව කිසිවිටෙකත් ජනාධිපති ධුර අපේක්ෂාවක් නොමැති බව පුන පුනා කියා තිබේ.

මේ අතර  ඔන්ලයින් සමීක්ෂණ යෙදුමක් වන රියල් රිසර්ච් විසින් ඉදිරි ජනාධිපතිවරණය  පිළිබඳව මහජන අදහස් එක්රුස් කරන ලද අතර එහි ප්‍රතිඵල අනුව  64.55% ක්, විශ්වාස කරන්නේ ට්‍රම්ප් එදිරිව බයිඩන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථා ඇති බවයි.

එයට අනුව සියයට (52.63% ක්), ට්‍රම්ප්ට සහ සියයට (47.38%) බයිඩන්ට සහාය දක්වනු ඇත.  

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments