Monday, September 16, 2024
HomeLocal Newsචීනයේ දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලංකාවට!

චීනයේ දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලංකාවට!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී, චීනයේ Chery Automobile සමඟ සහයෝගීතාවයකට එළඹීම සඳහා මේ වන විට සක්‍රීය මට්ටමින් කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

පසුගිය දා පැවති චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කළ කතාවේ දී මේ බව අනාවරණය විය.

මෙහිදී තානාපතිවරයා කියා සිටියේ මේ වන විට චීනයේ කීර්තිමත් නව බලශක්ති වාහන සන්නාමයක් වන BYD සමඟින් විදුලි වාහන සඳහා ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇති බවයි. එසේම හේලීස් පීඑල්සී චීනයේ Chery Automobile සමඟින් සහයෝගීතාවයකට එළඹීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින බවත් තානාපතිවරයා මෙහිදී කියා සිටියේය.

හේලීස් පීඑල්සී යනු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව මෙරට 15 වැනි ස්ථානයට විශාලතම ලැයිස්තුගත සමාගමයි. එහි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර හේලීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක අයිතිය ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇත.

Chery Automobile වර්තමානයේ චීනයේ පස්වැනි තැනට විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන අතර 1997 වසරේ දී Chery සමාගම ආරම්භ වී තිබේ. 2023 වසරේ දී Chery Automobile විසින් අලෙවි කර ඇති සමස්ත මෝටර් රථ ප්‍රමාණය 1,881,316 ක් බව වාර්තා වේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments