Friday, September 20, 2024
HomeLocal Newsදඹුල්ලේ තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය!

දඹුල්ලේ තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය!

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් සොරා ගත් තරුණිය රුපියල් ලක්ෂයක ශරීර ඇප‍යක් මත මුදාහැර තිබෙනවා.

සොරා ගන්නා ලද ජංගම දුරකථනය අයිතිකරුට ලබා දෙන ලෙස ද දඹුල්ල මහේස්ත්‍රාත් සම්රුත් ජහාන් මහතා විසින් නියෝග කර තිබෙනවා.

මව, දියණිය, සහ කුඩා දරුවෙකු ජංගම දුරකථන අලෙවි සැලකට පැමිණෙන අතර, දියණිය විසින් ඉතා සූක්ෂම ලෙස එහි තබා තිබූ ජංගම දුරකථනයක් සොරා ගන්නා ආකාරයත් තවත් ජංගම දුරකථන උපාංගයක් මව විසින් සොරා ගන්නා ආකාරයත් මෙම වෙළඳසැලේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුනා.

වෙළඳසැල් හිමියා විසින් ආරක්ෂිත කැමරා පද්ධතියේ සඳහන්ව තිබූ රූප රාමු පෙළ සහ මව සහ දියණිය අතරමගදී වෙළඳසැල් හිමියාට දුරකථනය ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සොරකම සිදු කළ මව සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර මෙම වෙළඳසැලේ හිමිකරු අදාළ ජංගම දුරකථනය දඹුල්ල පොලිසියට ලබා දී තිබු බවයි වාර්තා වන්නේ.

අදාල සිද්ධියට සම්බන්ධ බව කියන මවට විරුද්ධව පැමිණිලිකරු විසින් පැමිණිලි ඉදිරිපත් නොකිරීම නිසා මව අධිකරණයට ඉදිරිපත් නොකළ බව ද දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙම ජංගම දුරකථන සොරකම පිළිබඳ නඩුව ලබන ඔක්තෝම්බර් හත දින නැවතත් විභාගයට ගැනීමට නියමිතයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments