Friday, September 20, 2024
HomeLocal Newsහේතුව කුමක්ද? වසන්ත ඝාතනය ගැන පොලිස්පති කට අරියි!

හේතුව කුමක්ද? වසන්ත ඝාතනය ගැන පොලිස්පති කට අරියි!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (09) අදහස් පළ කළේය.

මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම වෙඩිතැබීම ගැන අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කළේ,

“දැනට සිදුවී තිබෙන විමර්ශන අනුව එම අපරාධය කළ අය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. එවැනි අපරාධයකට පෙළඹුණේ කාගේ අවශ්‍යතාවකට ද ? හේතුව කුමක්ද ? යන්න පිළිබඳ විමර්ශනවල අවධානය යොමුවී තිබෙනවා. දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව මේ අපරාධය මෙහෙයවූයේ කුමන අපරාධකරු ද කියලා හෙළිකරගෙන තිබෙනවා. “

“කෙටි කාලයක් තුළ මෙම අපරාධය විසඳා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසයි.”

“දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් රට තුළ තිබෙන නිසා.” 

“එක දවසට හත් අට පොළක වෙඩි තියලා මරපු තත්ත්වයක් මේ රටේ තිබ්බේ. මෙලෙස ස්වයංක්‍රීය අවි භාවිත කරලා අපරාධයක් සිදුවුණේ මාස දෙකහමාරකට වගේ පසුව. තවමත් නීතිවිරෝධී ගිනි අවි සමාජය තුළ සංසරණය වනවා.”

“ඒ නිසා යුක්තිය මෙහෙයුමේදීත් නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අවධානය යොමුකර තිබෙනවා.”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments