Friday, September 20, 2024
HomeLocal Newsරාජිත, චම්පික, ෆොන්සේකා ආණ්ඩුවට : උත්සවය සති අන්තයේ!

රාජිත, චම්පික, ෆොන්සේකා ආණ්ඩුවට : උත්සවය සති අන්තයේ!

රාජිත සේනාරත්න, චම්පික රණවක, සරත් ෆොන්සේකා යන සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගත වීමට නියමිතව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඉදිරි සති දෙකකට පෙරාතුව සිදු කරන කැබිනට් සංශෝධනයේදී ඔවුන්ට ද ඇමති ධූරය හිමිවීමට බොහෝ ඉඩ ඇති බව එම වාර්තාව කියා සිටී.

මෙම දේශපාලඥයන් ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් නිල උත්සවයක් මෙම සතිය අග බාගයේදී පැවැත්වෙනු ඇති බවද වාර්තාව තවදුරටත් කියා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනයේ සිදුකිරීමට නියමිත ජාතිය ඇමතිමෙන් පසු මෙම දේශපාලන වෙනස්කම් සිදුවනු ඇති බවද සඳහන්ය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments