Thursday, September 19, 2024
HomeLocal Newsඇෆ්ගනිස්ථානයෙන් ඉගෙනගන්න!

ඇෆ්ගනිස්ථානයෙන් ඉගෙනගන්න!

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායාම ක්‍රීඩා කරන අයුරු දැකීම ම වඩාත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල වත්මන් තත්ත්වය අවබෝධ කරගැනීමට හැකි බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, සිය X ගිණුමෙහි සටහනක් තබමින්.

ලෝක කුසාලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කිරීමටයි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණේ.

එය අසාමාන්‍ය ජයග්‍රහණයක් වන බවත්, ඊට දක්ෂතාවය සහ ස්ථිරභාවය හේතු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔවුන් අවම පහසුකම් යටතේ මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

අදාළ ජයත් සමඟ 1996 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් සිහි වන බව ද අලි සබ්රි මහතා ප්‍රකාශ කළා.

එම කාලයේ දී රට පෙරට ගෙන ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්, අනුග්‍රහකයන් පොදු සිහිනයක් සඳහා රැස් ව සිටියා.

කෙසේ වෙතත් මේ වනවිට එම යුගය අවසන් වී ඇති බවත් මූල්‍යමය වාසි සහ පුද්ගලික පිළිගැනීමේ ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව යටපත් කර ඇති බවත් අදාළ සටහනේ දැක්වෙනවා.

මෙරට ක්‍රිකට් පරිපාලනය යටි අරමුණකින් තොරව ක්‍රීඩාවට අවංකවම ආදරය කරන අයට විවෘත කළ යුතු බවයි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සභාපති අලි සබ්රි මහතා අවධාරණය කළේ.

කැපවීමෙන් හා ජාතික අභිමානයෙන් ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන තැනකට නැවත පැමිණීමට සුදුසු කාලය මෙය වනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments