Friday, September 20, 2024
HomeLocal Newsපියුමිගේ කලමනාකරුටත් කට උත්තර බදින්න වෙයි!

පියුමිගේ කලමනාකරුටත් කට උත්තර බදින්න වෙයි!

සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බවට චෝදනා ලැබ සිටින නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයට අයත් පෞද්ගලික ආයතනයක බෙදාහැරීමේ කළමනාකරුවකුගෙන් ප්‍රශ්න කිරීමට යයි.

එමෙන්ම පියුමි හංසමාලිට අයත් දේපොළ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඇයගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසනවා.

සම පැහැපත් කරන ක්‍රීම් වර්ගයක් අලෙවි කිරීමේ පෞද්ගලික ආයතනයක් පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යන අතර ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ එම ආයතනයේ බෙදාහැරීමේ කළමනාකරුය.

පියුමි හංසමාලි විසින් රුපියල් ලක්‍ෂ 800ක් වටිනා ජීප් රථයක් සහ මිලියන 1480ක් වටිනා සුපිරි මහල් නිවාසයක් මීට ටික කලකට උඩදී මිලදී ගෙන තිබිණි.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කර තිබෙනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments