Friday, September 20, 2024
HomeLocal Newsපැරදුනාට කන්ඩායම වෙනස් වෙන්න ඕන නෑ!

පැරදුනාට කන්ඩායම වෙනස් වෙන්න ඕන නෑ!

තරගාවලියක් පරාජය වූවා කියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු විය යුතුයැයි තමන් නොසිතන බව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සඳහන් කරයි.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී පරාජය වීමෙන් අනතුරුව ආපසු වරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට දැන් සිටම කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිසි පරිදි ක්‍රීඩා කිරීමට නොහැකි වූ බවද ඔහු ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් පැවසීය.

සමාජ ජාලා ඔස්සේ ක්‍රීඩකයන්ට විවිධ චෝදනා එල්ල කරන පිරිස් අතර සමහර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ද සිටින බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments