Friday, September 20, 2024
HomeLocal Newsරාජ්‍ය බැංකුවලට කෝටි 65,000ක් පොලු තිබ්බ ඇමතිලා!

රාජ්‍ය බැංකුවලට කෝටි 65,000ක් පොලු තිබ්බ ඇමතිලා!

ප්‍රබල ඇමැතිවරයෙක් ඇතුළු හිටපු ඇමැතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65000කට වැඩිය පොලු‍ තියලා යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ආණ්ඩුව එම ණය අයකර ගන්නවා වෙනුවට සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කරනවා මදිවාට ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට කටයුතු පිඹුරුපත් සකස් කරමින් සිටින බවද පාඨලී චම්පික රණවක මහතා හෝමාගම ආසනයේ ජනහමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික මහතා මෙසේද පැවසීය.

පාලකයාගේ ක්‍රමය විය යුත්තේ, බදු ගෙවිය හැකි අයගෙන් බදු අයකර ගැනීම. මම අභියෝගයකුත් කළා පාර්ලිමේන්තුවේ, ඕවා ගන්න බෑ කියනවා නම්, හය මාසෙකට අපිට දෙන්න. අපි අරන් පෙන්නන්නම්. ඒ වගේම බැංකුවලට අද ගියහම අපිට ණයක් ගන්න බෑ. ඔය මහ බැංකුවේ අධිපතිතුමා කියන පොළියට ණය හම්බවෙනවද? සීයට නමයට කොහොමත් දෙනවද? නෑ. ඇයි? බැංකුවලට පොලු‍ තියලා තියෙනවා කෝටි හැට පන්දාහකට වැඩියි. මේ රටේ ප්‍රබල ඇමැති කෙනෙක් ඇතුළු හිටපු ඇමතිලා ඇතුළු තව විශාල පිරිසක් බැංකුවලට පොලු‍ තියලා තියනවා. ඒගොල්ලන්ගෙන් බැංකු අය කරගන්නෑ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments