Friday, September 20, 2024
HomeLocal Newsවිවාදයෙන් පැන ගිය සජිත්ට පුටුවත් නැතිවෙයි?

විවාදයෙන් පැන ගිය සජිත්ට පුටුවත් නැතිවෙයි?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ යොදා ගෙන තිබූ රූපවාහිනී සංවාදයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පලා යාමත් සමඟ සතියකට වැඩි කාලයක් නිහඬව සිටි එම පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු පිරිසක් අභ්‍යන්තර කැරැල්ලක් දියත් කර ඇති බව අනාවරණය වේ.

ඔවුන් සජිත් ප්‍රේමදාසට බල කරමින් එක්සත් ජාතික පක්ෂය සමඟ නැවත එක්විය යුතු බව අවධාරණය කර ඇත. එලෙස බලපෑම් කිරීමේ කණ්ඩායමේ මූලිකත්වය තලතා අතුකෝරාල, මජිබර් රහුමාන්, රාජිත සේනාරත්න, රෝහිණී කවිරත්න සහ කබීර් හෂීම් දරන බව වාර්තා වේ. එම මතවාදය සමඟ තවත් මන්ත්‍රීවරු රැසක් මේ වනවිට එක්වී සිටිති. මයන්ත දිසානායක, සුජිත් සංජය, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි සහ ජේ. සී. අලවතුවල ප්‍රසිද්ධියේ ම එම මතය වෙනුවෙන් පෙනී සිටිමින් අනෙකුත් මන්ත්‍රීවරුන් ද ඒ වෙනුවෙන් දිනා ගැනීමට කටයුතු කරමින් සිටිති.

හැටන් නගරයේදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම අවධාරණය කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා එක්විය යුතු බව ය

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments