Thursday, September 19, 2024
HomeLocal Newsආයෙත් දුම්රිය වර්ජනයක්!

ආයෙත් දුම්රිය වර්ජනයක්!

එකම සේවා ගණයකට අයත්ව සිටි දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය රියදුරු, අධීක්ෂණ කළමනාකරුවන් යන ශ්‍රේණි වලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය සිතාමතා මගහැර අනෙකුත් ශ්‍රේණි සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගනිමින් වසර 5න් පහට ශ්‍රේණි උසස්වීම් ලබා දී ඇතැයිද මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බැවින් මීට නිසි විසඳුම් ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු අදාල අනෙකුත් නිලදාරීන් සමගත් ප්‍රවාහන අමාත්‍යාංශය සමගත් අවස්ථා ගනනාවකදි සාකච්ඡා කල නමුත් ඒ සෑම අවස්ථාවන්හිදි පොරොන්දු මත විශ්වාසය තබා කටයුතු කල හෙයින් තවමත් ගැටලු විසඳී නැති බවයි එම සංගමය චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් මෙම ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙසත් එම විසඳුම් ලිඛිතව හෙට දින 2න් පසු ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ක්ෂණිකව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹීට තීරණය කර ඇති බවයි එම සංගමය පවසන්නේ.

Monara

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments