Monday, September 16, 2024
HomeLocal Newsවිවාද දෙකකට මම සූදානම්!

විවාද දෙකකට මම සූදානම්!

ජාතික ජන බලවේගය සමඟ විවාද දෙකටම සූදානම් බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් මෙම දැනුම්දීම කරන්නේ අවසාන වතාවට බවද ඔහු පැවසූ අතර විවාද දෙකම සඳහා එකවර දිනද නිශ්චිතව තහවුරු කරගෙන පොදු ස්ථානයක විවාදයන් කළ යුතු බවත් කියා සිටියේය.

ආර්ථික කමිටු විවාදය හා නායකයන් අතර විවාදය ලෙස එම විවාද දෙකම පැවැත්විය යුතු බවත් දෙකටම එකවර දින යොදා ගත යුතු බවත් එකකට පමණක් පැමිණීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් පැවසීය.

කඩුවෙල ප‍්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments