Thursday, September 19, 2024
HomeLocal Newsකොළඹට ගංවතුර නැත්තේ මම කරපු වැඩ නිසා!

කොළඹට ගංවතුර නැත්තේ මම කරපු වැඩ නිසා!

මහ වරුසා එක දිගට ඇද වැටුනත් කොළඹ නගරය ගංවතුරට යට නොවන්නේ යහපාලන ආණ්ඩු සමයේ එම ප්‍රශ්නයට ලබා දුන් විද්‍යාත්මක විසඳුම් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ගංවතුර තත්ත්වයට හේතු වූ ස්ථාන පහළොවක් හඳුනාගෙන ඉන් හයකට විසඳුම් ලබා දුන් බවත් එක දිගට වැසි වැසි ඇදහුනත් ගංවතුරට නිසා හානි නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටී.

පසුගිය වසර පහක් තිස්සේ කොළඹට වරින් වර මහ වැසි වැටුන නමුත් වෙනදා ගංවතුර ඇතිවන කොළොන්නාව කඩුවෙල උතුරු කොළඹ නාගලංවීදිය මල්වාන කැලණිය ආදී ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති නොවූ බවත් ඔහු පැවසීය.

යහපාලන ආණ්ඩුවේ සමයේ උතුරු කොළඹ උමං පද්ධතිය ඇති කළ බවත් එය සිදු කළේ ඕලන්ද පාලනයට පසු පළමු වතාවට බවත් හෙතෙම කියා සිටියි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments