Friday, September 20, 2024
HomeLocal Newsගෑස් මිල පහළට!

ගෑස් මිල පහළට!

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව හෙට (04) ගෑස් මිල කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ, නව ගාස්තු හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බවයි.

පසුගිය මැයි මස තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 3,940ක් දක්වා අඩු කෙරුණා.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 ක්.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මේ වනවිට රුපියල් රුපියල් 740කට අලෙවි කෙරෙනවා.

එමෙන් ම ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කළා.

ඒ අනුව එහි වත්මන් මිල රුපියල් 3840ක්.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110කින් පහත දැමුණා.

එම සිලින්ඩරයක් මේ වනවිට අලෙවි කරනු ලබන්නේ, රුපියල් 1542කටයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments