Monday, September 16, 2024
HomeLocal Newsඡන්ද සිතියම හකුලන්න අපි ඉඩදෙන්නේ නෑ!

ඡන්ද සිතියම හකුලන්න අපි ඉඩදෙන්නේ නෑ!

ඡන්ද සිතියම හැකිලීමට කිසිසේත් ඉඩ නොතබන බව ‘දෙවන පරපුර’ දේශපාලන පක්ෂයේ සාමාජික උවිඳු විජේවීර පවසනවා.

ඡන්දය යනු ජනතාවගේ අයිතියක් බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බවයි.

ඒ අනුව ජනතාවගේ අයිතිය උදුරා ගැනීමට රනිල් වික්‍රමසිංහ සහ කිසිඳු රාජපක්ෂවරයෙකුට ඉඩ නොතබව බවටද උවිඳු විජේවීර සහතික වුණා.

“ලාංකීය මාවතක අරුණලු” යන තේමාව යටතේ උවිදු විජේවීර සමඟ “දෙවන පරපුර” සිය පක්ෂ දේශපාලන ක්‍රමය රට පුරා ශක්තිමත් කරලීමේ වැඩසටහන යටතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල ජනතාව දැනුවත් කරලමින් අත් පත්‍රිකා බෙදාදීමක් අද (29) දහවල් මහියංගණ නගරයේදී සිදු කෙරුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියා.

“පැහැදිලිවම දෙවන පරපුර ව්‍යාපාරය කාලයත් තිස්සේ මේ දේශපාලන අනතුර දැක්කා… ජනවරමක් නොමැති පාලකයෙක් මේ මොහොතේ පත් වෙලා ඉන්නේ… ජනවරමට පිටුපාපු පාලකයොත් එක්ක එකතු වෙලා, මේ අය සූදානම් වෙනවා ඡන්දය කල් දාන්න… ඡන්ද සිතියම අකුලන්න… අපි දන්නවා ඉතිහාසයේ සිටි ඒකාධිපති පාලකයන් මේ රටේ ඡන්ද සිතියම අකුලලා, මේ රට විනාශ මුඛයට ඇදගෙන ගියා කියලා… දෙවන පරපුර ලෙස අප නැවතත් ඒ අනතුරු සමාජය තුල දකිනවා… මේ ඡන්ද සිතියම හකුලන්න අපි කිසිසේත් ඉඩදෙන්නේ නෑ… ඡන්දය කියන්නේ ජනතාවගේ අයිතිය… ජනතාවගේ අයිතිය උදුරාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයටවත්, රාජපක්ෂවරුන්ටවත්, එතනින් එහාට ඉන්න කිසිම දේශපාලන පක්ෂයකටවත් අයිතියක් නෑ… අපි ජනතාව වෙනුවෙන් ජනතාව සමඟ අඛණ්ඩව සටන් කරනවා… මේ රටට අවශ්‍යයි අළුත් දේශපාලනයක්… මේ 225ට ගැට ගැහිච්ච නැති අළුත් තරුණ දේශපාලනයක්… අවුරුදු හැත්තෑ ගණනාවක් මේ රට පාලනය කරපු දේශපාලකයෝ මෙරට සංස්කෘතික හරපද්ධතිය වලපල්ලට දාලා… අපේ මව්බිම විකුණන තැනකට මේ පාලකයෝ මේ රට පත්කරලා… ඒකට එරෙහිව දෙවන පරපුර ව්‍යාපාරය තරුණ අළුත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ බිමේ තමන්ගේ මතය අදහස් ප්‍රකාශ කරමින් යනවා…”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments