Monday, September 16, 2024
HomeLocal Newsමුදල් ඇමති වෙන්නත් කලින්ම හදුන්නෙත්ති මහ බැංකු අධිපතිට පාට් දමයි!

මුදල් ඇමති වෙන්නත් කලින්ම හදුන්නෙත්ති මහ බැංකු අධිපතිට පාට් දමයි!

දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනස් කල හොත් රට නැවත කඩා වැටෙනු ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා කරන ලද ප්‍රකාශයට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මහ බැංකු අධිපතිවරයාට එවන් දේශපාලන ප්‍රකාශයක් කරන්න කිරීමට අයිතියක් නොමැති බවත් හෙතෙම කියා සිටියි.

ජාතික ජන බලවේග ආණ්ඩුව මුදල් ඇමති ධුරය සදහා යෝජිත අය අතර ඉදිරියෙන්ම සිටින හදුන්නෙත්ති මහතා ජාතික පුවත්පතක් සමග පල කර ඇති අදහස් මෙසේය.

‘මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන මොහොතක මහ බැංකු අධිපතිවරයාට එවැනි දේශපාලන ප්‍රකාශයක් කරන්න අයිතියක් නෑ. එවැනි ප්‍රකාශයක් කිරීම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කියලයි මම හිතන්නෙ. ඒක පළමු කාරණයයි.

අනෙක් පැත්තෙන් මහ බැංකු අධිපතිවරයා කියන්නෙ අවදානම් සහිත ආර්ථිකයක රට හිර කළ පාලකයන්ට නැවැත රට භාර දෙන්න එපා කියලයි. මහ බැංකු අධිපතිවරයා කියන්නෙ රටේ ආර්ථිකය අවදානම් තත්ත්වයක තිබෙනවා කියලයි.

එහෙම නම් ඒ අවතානමෙන් රට මුදා ගත හැකි කණ්ඩායමකට රට බාර දිය යුතුයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරව පෙන්වා දෙන දූෂණය වළක්වා රටේ ආදායම වියදම විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ හැකි ජාතික ජන බලවේගයට රට භාර දීම තමයි ආර්ථික අවදානමෙන් රට මුදවා ගන්න තිබෙන එකම ක්‍රමය.

මොකද මේ වන විට දූෂණය නවත්වන නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක නෑ. රටේ ආර්ථික අවපාතයට වගකිව යුත්තේ කවුද කියල අධිකරණ තීන්දුවකත් සඳහන් වෙනවා. එවැනි පසු බිමක තවදුරටත් මේ ක්‍රමය ක්‍රියාත්මක වුණොත් රටේ ආර්ථිකය නැවැතත් කඩා වැටෙන්න පුළුවන් බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා කියලයි මම හිතන්නෙ’

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments