Monday, September 16, 2024
HomeLocal Newsසෑම මාස හයකට වරක්ම වැටුප් වැඩි කරනවා!

සෑම මාස හයකට වරක්ම වැටුප් වැඩි කරනවා!

රාජ්‍ය සේවකයන් සඳහා සෑම මාස හයකට වතාවක්ම වැටුප් වැඩිවීමක් ලබා දෙන බව ජාතික ජන බලවේගය නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොළඹ දී පැවති සංවර්ධන නිලධාරීන්ගේ සමුළුවක් අමතමින් හෙතෙම මේ අදහස් පළ කරන ලදී.

‘2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. කිසිම උසස්වීමක් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා.

ඒ වගේම මාරුවීම් දේශපාලනයට යටත්වෙලා තියෙනවා ඒවත් දේශපාලනයෙන් තොරව සිදුකරනවා. ජීවත් වීමට සරිලන වැටුපක් දෙන්න ඕනේ. සමහර අය බලනවා එයා වැඩකරනවා නම් ගෙවනවා නැත්නම් ගෙවන්නේ නෑ. එහෙම නෙමෙයි. ඔබ කාර්යයක් කරනවා. එවැනි රාජ්‍ය සේවකයෙකුට සාධාරණ වැටුපක් ලබාදීම රජයේ වගකීම.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාලා තියෙනවා එකපාර 25,000 කතා බොරු. ඒවා කරනවා නම් රනිල්ට දැන් කරන්න පුළුවන්. අපි එහෙම නෙමෙයි තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් සෑම අවුරුද්දකම මාස 6කට සැරයක් ගණනය කරලා ලබාදෙන්න අපි සැලසුමක් හදලා තියෙනවා’

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments