Sunday, September 8, 2024
HomeLocal Newsඅපි රාජ්‍ය සේවක සියලු ඉල්ලීම් දෙනවා!

අපි රාජ්‍ය සේවක සියලු ඉල්ලීම් දෙනවා!

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන්ගේ සියළු ඉල්ලීම් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවකයන්ගේත් රටේ ජනතාවගේත් සියලු ගැටලු සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් අනතුරුව විසඳා දෙන බව ද ඔහු පැවසීය.

රට පුරා මේ දිනවල සිදුකරමින් පවතින වෘත්තීය සමිති වැඩ වර්ජනවලට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තම පක්‍ෂය ඒවා මෙහෙයවන්නේ නැති බවත් ඔහු පවසයි.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අද වන විට රනිල් වික්‍රමසිංහ මෙන්ම අනුර දිසානායකගේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස පරාජය කිරීම බව පැවසූ ඔහු ඒ සඳහා ඔවුන් එකගතාවයකින් කටයුතු කරන බවත් කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments