Smartphones ගැන පට්ටපල් බොරු!

අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන හරි, යාළුවගේ අතේ තියෙන හරි, ස්මාට් ෆෝන්වල හොඳ නරක සහ පාවිච්චි කරන විදිය ගැන එක එක ජනප්‍රිය මත අපි අහල තියනව. ඒ වුණාට මේ සමහර කතා ඇත්තද බොරුද කියලවත් අපි දන්නෙ නෑ. අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒ දේවල් ගැන තමයි.
මෙගා පික්සල් වැඩිවුණොත් කැමරාව සුපිරි
ෆෝන් එකක් ගත්තා කිව්වම ගොඩක් අය අහන්නේ “කැමරාව මෙගා පික්සල් කීයද?” කියල තමා. එහෙත් ඔවුන් එහෙම අහන්නේ කාරණාව හරියට දන්නේ නැතිවයි.

කැමරාවක පික්සල් ගණන වැඩි වුණාට වැඩක් නැහැ, කැමරා සෙන්සරය වැඩිදියුණු කරන්නේ නැතිව. ගොඩක් දුරකථන නිෂ්පාදකයන්ට එම සෙන්සරය වැඩි දියුණුකරන්න යන වියදමට වඩා අඩු වියදමක් තමයි මෙගා පික්සල් ගණන වැඩි කරන්න යන්නේ. ඒ නිසා ඔවුන් තෝරා ගන්නේ දෙවැනි විකල්පයම තමයි. ඒ කියන්නේ පික්සල් ගණනින් වැඩි කැමරාවක් තමන්ගේ ෆෝන් එකට එකතු කිරීම. ඒ හින්දා සෙන්සරේ බලන්නේ නැතිව මෙගා පික්සල් ගාණට රැවටෙන්නේ නැතිව ඉමු.


ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ run වෙන apps අයින් කළාම ෆෝන් එක ස්පීඩ් වෙනවා.
ඔන්න දැන් තමයි බොහොමයක් පිරිසකගේ වල්ගය පෑගෙන ටයිම් එක. ඒක නිසා කියවලා බලන්න. තේරුනේ නෑ වගේ නම් ආයෙත් කියවන්න. හරි, අනවශ්‍ය ඇප්ස් battery savers යූස් කරලා, kill කරලා අපිට පවර් සේව් කරගන්න පුළුවන්. ඔව් ඇත්ත. සේව් වෙනවා. ඒත් ඇත්තටම සේව් වෙනවද? නෑ ඒකෙන් වෙන්නේ තවත් බැටරිය එක ඩේ්‍රන් වෙන එක.


කලබල වෙන්නේ නැතිව බලමු ඔය මාන්දමික සීන් එක වෙන්නේ කොහොමද කියලා. ඔය බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ගොඩක් ඇප්ස් හදලා තියෙන්නේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක, ප්‍රොසෙසර් එක, නෙට්වර්ක් එක යූස් වෙන්න කියලා අපි දන්නවා. ඉතින් ඔය කියන ඇප්ස් කිල් කළාට ටික වෙලාවකින් ආයෙත් run වෙනවා. හොඳටම ගන්න පුළුවන් උදාහරණය තමයි අර ක්ලීන් මාස්ටරේ, බැටරි ඩොක්ටරේ වගේ ඇප්වලින් ඇප් කිල් කරලා විනාඩි 15කින් තව පාරක් ඇප් කිල් කරද්දී අර ඇප් ටික ආයෙත් කිල් වෙනවා.

ඒ කියන්නේ ඒ ටිකට විනාඩි 15කට කලින් කිල් කරපු ඇප් ආයෙත් බැක්ග්‍රවුන්ඩ් එකේ වැඩ. ඔය විදිහට ඇප් කිල් කරන කරන වාරයක් පාසා ඒ ඇප් උඹට නෝණ්ඩියට වගේ ආයෙත් බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා. ඉතින් කිල් කරන්නයි, ඔය ඇප් රීස්ටාර්ට් වෙන්නයි ගියාම ඒ ඇප් නිකන් කිල් නොකර ඔහේ රන් වෙන්න ඇරියම වැයවෙන බැටරි ලයිෆ් එකට වඩා වැඩි පවර් එකක් යනවා කිල් කරන්නයි රීස්ටාර්ට් වෙන්නයි ගියාම.


ඉතින් හොඳම දේ තමයි ඔය පාඩුවේ රන් වෙන ඇප්ස්වලට රන් වෙන්න අරින එක. ඒ වගේමයි ඔයාට ඇත්තටම නිතරම ඕන නැති, ඒත් හදිසියකට ඕන වෙයි කියල හිතෙන බැක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප් එකක් තියෙනවා නම් ඒක සෙටින්ග්ස් වල ඇප්ස්වලට ගිහින් Force Stop හරි disable කරල දාන්න. එහෙමත් නැතිව වැඩක් ගන්නෙම නැති ඇප් තියෙනවා නම් මහ දෙයක් නෑ uninstall කරල දාන්න. වැඩක් නැත්නම් වැඩක් නෑ!


ඔන්න දැන් කට්ටිය වල්ගය පාගගෙන ඉන්නේ මේ වෙලාව වෙනකොට. විශේෂයෙන්ම රූට් යූසර්ස්ලා. නෑ නෑ, මේ උඩ ටික කියල තියෙන්නෙ Non-root යූසර්ස්ලාට විතරයි. රූට් කරපු උන්ට අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ Greenify, Amplify, PowerNap වගේ xposed moduleවලින් wakelocks, alarmsකරල බැටරි ලයිෆ් එක සුපිරියට ඔප්ටිමයිස් කරගන්න විදිය ගැන. ඒක නිසා ඔයාල මේක ගැන කලබල වෙන්න එපා. ඉස්සරහට Greenify, PowerNap, Amplify දාල කොහොමද ඩිවයිස් එකේ ඉනැක්ටිව් ටයිම් එකේ පවර් කන්සම්ප්ෂන් එක අඩු කරගන්නෙ කියන එක ඇප් එකෙන් එකට ආටිකල් ලියලා කියල දෙන්නම්. හැබැයි සමාවෙන්න ඕන. රූට් කරලා ඔනධඵඥඤ ර්ධඤභතඥ එක දාල තියෙන අයට විතරයි ඒක අදාළ වෙන්නේ.


මේ කියලා තියෙන්නේ වෙනම අපි Play Store එකෙන් දාන ඇප් ගැන මිසක් OS එකට සෙටින්ග්ස්වල එන ලෝ පවර් මෝඩ්, පවර් සේවර්ස් ගැන එහෙම නොවෙයි. අපි හිතනවට වඩා අපේ ෆෝන් ස්මාර්ට් නිසා, ඇප් දෙක තුනක් එකට වැඩ කළත් වැඩ කරමින් සිටින ඇප් එක හැරෙන්නට අනිත් ඒවා ක්‍රියාත්මක වීම නතර කරනු ලබනවා. ඒ නිසා අමුතුවෙන් අපි ඇප් ක්ලෝස් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා මේ වැඩේ කරන්න එපා.
රැයක් පුරා ෆෝන් එක
චාජ් කරන්න එපා
ඇත්තටම ස්මාර්ට් ෆෝන් over charge වෙනවද? දැන් තියෙන Smart phone සාමාන්‍යයෙන් පැයකින් දෙකකින් charge complete කියන තත්ත්වෙට පත්වෙනවා. ඒ වුණත් කවදාවත් over charge වීමක් වෙන්නේ නැහැ. ඔය සුපිරි කියන, පට්ට කියන ෆෝන් හදන කම්පැණිවලින් ෆෝන් එකේ හැම හුට්ටප්පරයක්ම ස්මාර්ට් විදියට හදලා අර හද්දා පරණ technology එකේ විදිහට ෆෝන් එකක බැටරි එක over charge වෙන්න හදලා එවයි කියල හිතනවද? අර සෙන්සරේ, මේ සෙන්සරේ, ඇහැ තිබ්බම, ඇඟිල්ල ගැහුවම අන්ලොක් වෙන සෙන්සර් වගේ නානාප්‍රකාර සෙන්සර් දාලා හදලා රටේ නැති කතා කියලා අපි ගාවට එවන ෆෝන්වල බැටරි එකටත් සෙන්සරයක් තියෙනවා. CPU Z වගේ ඇප්වලින් ඔය එක එක temperature එහෙම අපිට පෙන්නන්නේ අන්න ඒ වගේ සෙන්සර් තියෙන නිසා.


ඔන්න ඔය කියන බැටරි සෙන්සර්ස්වලින් detect කරනව බැටරි එකේ හීට් එකයි චාර්ජ් එකයි. බැටරි එක ෆුල් චාර්ජ් නම් ඒ සෙන්සර්ස්වලින් ඔටෝම චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්වනවා. හදිසියේවත් බැටරි එකේ temperature එක ඕවර් ගියොත් එතැනදිත් චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්වනවා.

අනික තමයි ෆෝන්වල තියෙන්නේ Lithium-ion බැටරි. ඒ බැටරිවල built in protection circuit එකක් එනවා over heating සහ over charging හ¾දුනා ගන්න. ඒ කියපු circuit වලින් ෆෝන් එකේ බැටරි එක චාජ් වුණාට පස්සේ බැටරි එකට එන පවර් එක කට් කරලා trickle කරනවා. ඒ කියන්නේ ෆෝන් එකේ බැටරි එක ෆුල් චාජ් වුණාට පස්සේ ෆෝන් එකේ බැටරි එක ඩිස්චාර්ජ් වෙන රේට් එකටම බැටරි එක චාර්ජ් වෙනවා.

උදාහරණයක් විදියට ගතහොත්, ටැංකියක තියෙනවා overflow pipe එකක්. ඒකෙන් තත්පරයකට ලීටරයක් එළියට යනවා. ඒ වගේම ඒ ටැංකියට Water in Pipe එකක් තියෙනවා. ඒකෙන් වතුර ටැංකියට පිරෙනවා තත්පරයකට ලීටරයක රේට් එකෙන්. ඉතින් ටැංකියේ වතුර මට්ටම අඩු වෙන්නේ නෑ. ඕකම බැටරි චාර්ජ් එකේදිත් වෙනවා. එහෙම වෙන්නේ ෆුල් චාර්ජ් වුණ බැටරි එකේ charging level එක ඒ විදියටම තියාගන්න.


චාජ් කරනකොට ෆෝන් එක රත් වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්
තියෙන්නේ ස්පීඩ් චාර්ජර් එකක් ද? චාර්ජ් වෙනකොට ෆෝන් එක රත් වෙනවා වගේ දැනුණද? බය වෙන්න එපා! ෆෝන් එකට මොකවත් වෙන්නේ නැහැ. විදුලිය මඟින් ඔබේ දුරකථනය ඉක්මනින් ආරෝපණය වනවිට යම් උෂ්ණත්වයකට පත්වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම එයින් ඔබේ දුරකථනයට හානියක් වෙන්නට ඉඩක් නෑ. දුරකථනය අල්ලාගෙන සිටින්නට අපහසු තරම් උෂ්ණත්වයක් දැනෙනවා නම් විතරයි ඔබ බිය විය යුත්තේ.
ඩොල්බි සවුන්ඩ් නම්
ෆෝන් එකේ සවුන්ඩ්ස් සුපිරි
සමහර තනි ස්පීකරේ තියෙන ෆෝන්වලත් ඩොල්බි සරවුන්ඩ් සවුන්ඩ් කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. ෆෝන් එකේ සද්දේ වැඩි වුණු පළියට ඒ විශේෂාංගය ඩොල්බි සරවුන්ඩ් වෙන්නේ නැහැ. සරවුන්ඩ් සවුන්ඩ් වෙන්න අඩුම තරමේ ස්පීකර් 2ක් වත් තිබීම අනිවාර්ය ෆැක්ට් එකක්. ඒ වගේම ඇත්තටම මේ විශේෂාංගය ඔබේ ෆෝන් එකට ඇතුළත් වෙලා තිබෙනවා නම් එය විඳින්න හොඳ ඉයර් ෆෝන් දෙකකුත් අවශ්‍ය වෙන බව අමතක කරන්න නම් එපා.
ෆුල් සිග්නල් නම් ඩේටා ස්පීඩ්.
මොන පිස්සුද? සිග්නල් ෆුල් තියෙන වෙලාවක වුණත් ඩේටා ස්පීඩ් එක බර කරත්තෙකටත් වඩා අඩු වෙන වෙලාවල් බොහොමයි. ඒ නිසා සිග්නල් ෆුල් වුණත් ඩේටා ස්පීඩ් එක අඩු වීම ෆෝන් එකේ අවුලක් කියලා හිතන්න එහෙම එපා හොඳද?
ෆෝන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් ඔටෝ දැම්මම බැටරි සේව් වෙනවා
මෙහෙම දේවල් අපි ඉස්සර හිතුවට දැන් හිතෙනවා අපි කොච්චර කාරණා නොදැන හිටියද කියලත්. ඇත්තටම ඔටෝමැටික් සෙටින්ග්ස් ඔන් කළාම වෙන්නේ ඔබේ වටපිටාවේ ආලෝකයට ගැළපෙන්නට ෆෝන් එකේ ආලෝක තත්ත්වය අඩු වැඩි කර සකස් කිරීමයි. මෙහෙම වෙනකොට ආලෝකය ඉබේ අඩු වැඩි වෙන්න ගත්තම බැටරි ක්ෂය වීම වැඩියි. මේ නිසා ඔටෝ බ්‍රයිට්නස් ඔන් කරලා තිබෙනවා නම් දැන් ඒ ගැන දෙපාරක් හිතන එක හොඳයි.

Leave a Reply

Your email address will not be published.