IOC සමාගම ඉන්ධන ලීටර් මිලියනයක් නිකුත් කරයි!
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරට ත් පුළුල් කර ඇතැයි ලංකා IOC සමාගම පවසයි.
එහි කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කළේ, ඒ අනුව ඊයේ (ජූලි 3) දිනයේදී ඉන්ධන ලීටර් මිලියනයක් ත්රිකුණාමලයේ පිහිටි සිය පර්යන්තයෙන් නිකුත් කළ බව ය.
නිවාඩු දිනයක් වුව ද ඊයේ දිනයේදී ද ඉන්ධන නිකුත් කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කළ බව ඔහු එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.
